Wednesday, January 15, 2014

කොමර්ෂල් බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලයෙන් නව වාර්තාවක්


By on 5:49 AM

කොමර්ෂල් බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලයෙන් නව වාර්තාවක්

com-bankඑක් මාසයක් තුළ ස්වයංක්‍රීයව නිකුත් කරන ලද වැඩිම මුදල් ප්‍රමාණය සඳහා නව වාර්තාවක් තබමින් 2013 දෙසැම්බර් මාසයේදී කොමර්ෂල් බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලය විසින් රුපියල් බිලියන 29.8ක අති දැවැන්ත මුදල් සම්භාරයක් ගනුදෙනුකරුවන් වෙනුවෙන් මුදාහැර තිබේ.
ටෙලර් යන්ත්‍ර 585කින් සමන්විත දිවයිනේ තනි බැංකුවක් සතු විශාලතම ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර ජාලය වන කොමර්ෂල් බැංකුවේ ටෙලර් යන්ත්‍ර ජාලය මගින් පසුගිය දෙසැම්බර් මාසයේදී මිලියන 6.4ක වාර්තාගත ගනුදෙනු සංඛ්‍යාවක් සිදුකර ඇත.
කොමර්ෂල් බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලය මගින් දෙසැම්බර් මාසයෙ දිනක් තුළදී ගනුදෙනුකරුවන් ලබාගත් වැඩිම මුදල් ප්‍රමාණය ලෙස තවත් නව වාර්තාවක් තබමින් 2013 දෙසැම්බර් 31 වනදා පැය විසි හතරක කාලයක් තුළදී ගනුදෙනුකරුවන්ගේ මුදල් ඉල්ලීම් 299,000ක් සඳහා බැංකුවේ ටේලර් යන්ත්‍ර ජාලය මගින් නිකුත් කර තිබෙන මුදල රුපියල් බිලියන 1.4කි.
එසේම දෙසැම්බර් මාසයේ සති අන්තයක් තුළදී බැංකුවේ ටෙලර් යන්ත්‍ර ජාලයෙන් ගනුදෙනුකරුවන් ලබාගත් වැඩිම මුදල් ප්‍රමාණය සඳහා වාර්තාවද මෙම දෙසැම්බර් මාසයේදී පිහිටුවීම කැපී පෙනේ. මේ අනුව දෙසැම්බර් 14 සහ 15 වනදා යන දින දෙක තුළදී කොමර්ෂල් බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලය තුළින් ගනුදෙනුකරුවන් ලබාගෙන තිබෙන මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 02ක් වේ.
මේ අතර දෙසැම්බර් මාසයේ දින 12ක් තුළදී දිනයකට රුපියල් බිලියනයකට වඩා මුදල් ප්‍රමාණයක් බැංකුවේ ටේලර් යන්ත්‍ර ජාලය මගින් නිකුත් කර තිබිමද නව වාර්තාවක් ලෙස සටහන් වෙයි.

About Syed Faizan Ali

Faizan is a 17 year old young guy who is blessed with the art of Blogging,He love to Blog day in and day out,He is a Website Designer and a Certified Graphics Designer.

0 comments:

Post a Comment