Thursday, January 23, 2014

නීතය්‍යනුකූලව වල්ලපට්ට ( Agarwood,Wallapatta) වැවීමෙන් අප රටේ ස්වාභාවික වනපෙත් රැකගනිමු...


"ඉතිහාසයේ විශාලතලම වල්ලපට්ටා වැටලීම රත්නපුරෙන්"

 

"මෙතෙක් කොටුවූ දැවැන්තම වල්ලපට්ටා තොගය හසුවෙයි"

 

"කෝටි 9 ක වල්ලපට්ටා සමග නව දෙනෙක් දැලේ"


මේ පුවත් දකින කෙනෙකුට තේරෙන්නෙ වල්ලපට්ටා ( අගාවුඩ්/agarwood ) කියන්නෙ ලඟතියාගන්න, විකුණන්න නීත්යෙන් තහනම් දෙයක් කියල. ඒක සත්‍යක්.

අපේ රටෙ ජීවනාලිය බඳු වැසිවනාන්තර හා අනෙකුත් වනාන්තර පද්ධතිය තුල වැඩෙන මෙම ශාකයේ , රොගී,පළුදුවු වල්ලපට්ට ශාකයේ ස්වාභාවික  රසායනික සංයෝගය සහිත රෙසිනය වටිනා අමුද්‍රව්‍යක්. එහෙත් එම රෙසිනය ලබාගැනීමට ශ්‍රි ලංකාවේ වනාන්තර විනාශ කිරීම නතර කළ යුතුමය..

ඒ සඳහා රජයේ මැදිහත් වීමේන් නීති සකස්කර.. ක්‍රමවත් අයුරින් වල්ලපට්ටා වගාව කිරීම කලයුත්තක් බව බොහෝ දෙනාගේ මතය වී තිබිණි..

News starts
"හොඳ වල්ල පට්ටා පට්ට නොගහනු"
Photo: AGAWOOD HARVESTඋද්භිත  විද්‍යාත්මික  ගයිනොප්ඩි වල්ල ලෙස හඳුන්වන  වල්ලාපට්ට ශාකයේ  ආර්ථීක වටිනාකමක් ඇත්තේ  රෝගී ශාඛවල පමණක් බවත්  නිරෝගී ශාඛ කපා  විනාශ කිරීම මහත් අපරාධයක් බවත්  මෙරට ප්‍රකට කෘෂි විද්‍යාඥයකු වන පියල් මාරසිංහ මහතා පවසයි.



වල්ලපට්ටා ශාකයේ  කඳට දිලීර  ආක්‍රමණයක් මගින්  එහි වන ස්වාභාවික  රසායනික සංයෝගය සහිත  රෙසිනය  සහිත ශාක පමණක් ආර්ථීක වටිනාකමකින්  යුක්ත බව ඔවුහු කියති.
ඉවක් බවක් නොමැතිව  කැලෑවල ඇති වල්ලපට්ටා  ශාක  විනාශ කිරීම සුලභව සිදු කරන බවත් මෙය වහා නතර කළ යුතු බවත් ඒ මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ  තෙත් හා අතර මැදි  භූගෝලීය  කළාප තුල  වල්ලපට්ට ශාකය සුලභව වැවේ.
නියමාකාරයෙන් දිලීර  ආක්‍රමණය කැර ඇති  රෝගී වල්ලාපට්ට කිලෝවක වෙළෙඳ පොළ වටිනාකම රුපියල්  ලක්ෂ 125 ක්  පමණ වන බව ඔහු කියයි.
මේ වල්ලපට්ට ශාක පහසුවෙන්  වගා කළ හැකි බව පෙන්වා දෙන මාරසිංහ මහතා පවසන්නේ රජය මෙම කටයුත්තට මැදිහත් වන්නේ නම් වල්ලාපට්ටා වගා කැර  සෘජුවම ආනයනය කිරීමෙන්  රට සල්ලි උපයාගත හැකි බවයි.
මිල අධික සුවඳ විලවුන්  නිශ්පාදනයට වල්ලපට්ටා රෙසිනය (දුම්මල) යොදා ගැනේ.

Wednesday, January 15, 2014

කොමර්ෂල් බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලයෙන් නව වාර්තාවක්


කොමර්ෂල් බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලයෙන් නව වාර්තාවක්

com-bankඑක් මාසයක් තුළ ස්වයංක්‍රීයව නිකුත් කරන ලද වැඩිම මුදල් ප්‍රමාණය සඳහා නව වාර්තාවක් තබමින් 2013 දෙසැම්බර් මාසයේදී කොමර්ෂල් බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලය විසින් රුපියල් බිලියන 29.8ක අති දැවැන්ත මුදල් සම්භාරයක් ගනුදෙනුකරුවන් වෙනුවෙන් මුදාහැර තිබේ.
ටෙලර් යන්ත්‍ර 585කින් සමන්විත දිවයිනේ තනි බැංකුවක් සතු විශාලතම ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍ර ජාලය වන කොමර්ෂල් බැංකුවේ ටෙලර් යන්ත්‍ර ජාලය මගින් පසුගිය දෙසැම්බර් මාසයේදී මිලියන 6.4ක වාර්තාගත ගනුදෙනු සංඛ්‍යාවක් සිදුකර ඇත.
කොමර්ෂල් බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලය මගින් දෙසැම්බර් මාසයෙ දිනක් තුළදී ගනුදෙනුකරුවන් ලබාගත් වැඩිම මුදල් ප්‍රමාණය ලෙස තවත් නව වාර්තාවක් තබමින් 2013 දෙසැම්බර් 31 වනදා පැය විසි හතරක කාලයක් තුළදී ගනුදෙනුකරුවන්ගේ මුදල් ඉල්ලීම් 299,000ක් සඳහා බැංකුවේ ටේලර් යන්ත්‍ර ජාලය මගින් නිකුත් කර තිබෙන මුදල රුපියල් බිලියන 1.4කි.
එසේම දෙසැම්බර් මාසයේ සති අන්තයක් තුළදී බැංකුවේ ටෙලර් යන්ත්‍ර ජාලයෙන් ගනුදෙනුකරුවන් ලබාගත් වැඩිම මුදල් ප්‍රමාණය සඳහා වාර්තාවද මෙම දෙසැම්බර් මාසයේදී පිහිටුවීම කැපී පෙනේ. මේ අනුව දෙසැම්බර් 14 සහ 15 වනදා යන දින දෙක තුළදී කොමර්ෂල් බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලය තුළින් ගනුදෙනුකරුවන් ලබාගෙන තිබෙන මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 02ක් වේ.
මේ අතර දෙසැම්බර් මාසයේ දින 12ක් තුළදී දිනයකට රුපියල් බිලියනයකට වඩා මුදල් ප්‍රමාණයක් බැංකුවේ ටේලර් යන්ත්‍ර ජාලය මගින් නිකුත් කර තිබිමද නව වාර්තාවක් ලෙස සටහන් වෙයි.